ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක්ද? බැකෝ සමන්ගේ මවට පපුවටම වෙඩි තබා ඝාතනයේ ඇග කිළිපොලායන තොරතුරු එළියට

Report

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් නැමැත්තාගේ මව වෙඩිතබා ඝාතනය කිරීම ගණේමුල්ලේ සංජීවගේ ඝාතනයට පළිගැනීමක් ලෙස සිදුකර ඇතැයි සැකකරන බව පොලීසිය සදහන් කර තිබේ.

 පොලීසිය වැඩිදුරටත් සැකපළකරනු ලබන්න්නේ විදෙස්ගතව සැඟව සිටින කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වය, ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුකර ඇති බවයි .

කෙහෙල්බද්දර පද්මේ සමග බැකෝ සමන්ද ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුද ගණේමුල්ලේ සංජීව ඝාතනයට සහය ලබාදී ඇති බවට තොරතුරු වාර්තාවී තිබුණි.

එමෙන්ම කජ්ජා නමැත්තා හා දරු දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් ද බැකෝ සමන්ට චෝදනා එල්ලවී ඇත .

මේ අතර වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මාතර, දම්පහළ, පොල්වත්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී අද (13) උදෑසන ඌරුබොක්ක පොලිසිය විසින් සොයාගන ඇත.

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමට ආ බවට සැකකෙරෙන යතුරුපැදියක් හමුවේ - පොලීස් විමර්ශන වැඩිදුරටත්

බැකෝ සමන්ගේ මවට වෙඩි තැබීමට ආ බවට සැකකෙරෙන යතුරුපැදියක් හමුවේ - පොලීස් විමර්ශන වැඩිදුරටත්

  මිද්දෙණිය, උලහිටියාව, පදලන්ගල ගෙදර ප්‍රදේශයේදී ඊයේ (12) පස්වරු 6ට පමණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබුණි.

මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර තිබූ අතර එහිදී වෙඩික්කරුවන් විසින් අදාළ කාන්තාවගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාර 7ක් පමණ එල්ල කර තිබේ.

වෙඩිතැබීම සීසීටීවී කැමරාවක සටහන්ව තිබේ පොලීසිය සදහන් කළේ අනතුරුව වෙඩික්කරුවන් එම ස්ථානයෙන් පලාගොස් ඇති බවයි පසුව වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා මිද්දෙණිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ