මෙම ප්‍රදේශවලට නිකුත් කර තිබූ ගං වතුර අනතුරු ඉවත් කරයි

Report

ගිං ගඟ, අත්තනගලු ඔය, කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණිය සහ නිල්වලා ගඟ සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අදාළ ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බැවින් මෙම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කරනවද? රටම බලන් සිටි අනුරාධපුර සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමිගෙන් ප්‍රකාශයක්

පූජා නගරය තුළ පදිංචි ජනතාව ඉවත් කරනවද? රටම බලන් සිටි අනුරාධපුර සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමිගෙන් ප්‍රකාශයක්

ඒ අනුව, මෙම ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කිරීම අද (16) පස්වරු 3.00 සිට බලාත්මක වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා වර්ෂාපතන තත්ත්වයේ සිදුවන වෙනස්කම් සහ ගංගාවල ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් සිය ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය නිරන්තර අවධානයෙන් පසුවන බවත්, යළි ගංවතුර තත්ත්වයක් ඇතිවන්නේ නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම්දීම් සිදු කිරීමට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කරයි.

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි - නඩුව යළි කැඳවීමටත් දින දෙයි

චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි - නඩුව යළි කැඳවීමටත් දින දෙයි