හම්බන්තොට විරෝධතා නඩුවට නාමල් රාජපක්ෂ ඇතුළු 41 දෙනෙකුට අධි චෝදනා

Report

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා හම්බන්තොට ජාත්‍යන්තර වරාය පෞද්ගලික අංශයට විකිණීමට එරෙහිව හම්බන්තොටදී පැවැති විරෝධතාවකදී පොදු දේපළවලට හානි කළැයි චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතළිස් එක් දෙනකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා අද (16) නියෝග කළේය.

මෙම නඩුකරයේ 35 වන විත්තිකරු වන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ මහාධිකරණයේ නඩුවකට ද පෙනී සිටින හෙයින්, හම්බන්තොට මහාධිකරණයේ මෙම නඩුව සඳහා බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර නොතිබුණි.

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව ගැන එම සමාගමෙන් පාරිභෝගික අධිකාරියට විශේෂ හෙළිදරව්වක්

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව ගැන එම සමාගමෙන් පාරිභෝගික අධිකාරියට විශේෂ හෙළිදරව්වක්

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, හිටපු මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, ප්‍රසන්න රණවීර, අජිත් ප්‍රසන්න සහ සම්පත් අතුකෝරල යන මහත්වරුන් සමඟ සෙසු විත්තිකරුවන්ගෙන් තිදෙනකු හැර අනෙක් විත්තිකරුවෝ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

අධිකරණ ශාලාවේ විත්තිකරුවන් සියලුම දෙනා පෝලිම් කිරීමෙන් පසුව අධිකරණ නිලධාරීන් විසින් අධි චෝදනා පත්‍ර වෙන් වෙන් වශයෙන් ලබා දීම සිදු විය. අනතුරුව සියලුම විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් සහ මුදලින් රුපියල් දසදහස බැගින් වූ ඇප කොන්දේසි මත ඇප ලබා දීමට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා නියෝග කළේය.

එමෙන්ම සියලුම විත්තිකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කෙරුණු අතර, නඩුව නැවත කැඳවීම ලබන 2027 ජනවාරි මස 14 වැනි දිනට සිදු කරන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය.

2017 ඔක්තෝබර් මස 06 වැනි දින හෝ ඊට ආසන්න දිනයක හම්බන්තොට ජාත්‍යන්තර වරාය මාර්ගය අවහිර කරමින් සහ ඉන්දියානු තානාපති කාර්යාලය හා නිල නිවස අවහිර කිරීම් සිදු කරමින් පැවැති විරෝධතාවයේදී අධිකරණ නියෝග කඩ කිරීම, පොදු හා පෞද්ගලික දේපළවලට හානි සිදු කිරීම සහ අයුතු ජනරාශිය ඇතුළු චෝදනා යටතේ හම්බන්තොට පොලිසිය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ බී.ආර්. 1088 යටතේ නඩු පවරා තිබුණි.

නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ නඩුව හම්බන්තොට මහාධිකරණය වෙත යොමු කර විත්තිකරුවන්ට අධි චෝදනා පත්‍ර භාරදීමට ඉකුත් නොවැම්බර් මස 02 වැනි දින නියෝග කෙරුණු අතර, ඒ අනුව හම්බන්තොට මහාධිකරණ නඩු අංක HAM/HC/PP/00032/2026 යටතේ අද දින විත්තිකරුවන්ට අධි චෝදනා භාර දෙනු ලැබීය.

බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්