විමල් වීරවංශට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි - හේතුව මෙන්න

Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට නොවැම්බර් මස 30 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් යළි නොතීසි නියෝගයක් නිකුත් කර තිබේ.

හිටපු අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට සඳහන් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව ගැන එම සමාගමෙන් පාරිභෝගික අධිකාරියට විශේෂ හෙළිදරව්වක්

ලාෆ්ස් ගෑස් මිල වැඩි කළ හේතුව ගැන එම සමාගමෙන් පාරිභෝගික අධිකාරියට විශේෂ හෙළිදරව්වක්

අදාළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගයට එළඹ ඇත. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් මීට පෙර ද විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කර තිබුණ ද, අදාළ දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එළඹෙන නොවැම්බර් 30 වන දින කරුණු දැක්වීම සඳහා මෙලෙස යළි නොතීසි නිකුත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්

බලංගොඩ කස්සප හිමි හෙට දක්වා රිමාන්ඩ්