චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කරයි - නඩුව යළි කැඳවීමටත් දින දෙයි

Report

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත්තැයි කියන සිද්ධියට අඳාළ චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවෙසක් තහනම් කළ බව අද (16) දින අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව අල්ලස් කොමිසම මේ බව අධිකරණයට දැනුම් දී ඇත්තේ අද (16) දින මෝසමක් ගොනු කරමින් බව සඳහන්.

එසේම අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත්තේ එම සිද්ධියට අඳාළ දෙවන සැකකරු වන නීතීඥ රඛිත රාජපක්ෂට අයත් සුඛෝපභෝගී වාහන කිහිපයක් සහ බැංකු ගිණුම් 4ක් පසුගිය දා මහාධිකරණය විසින් තහනම් කර තිබූ බවයි.

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

රාජ්‍ය සේවයම කැළඹෙයි - ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සේවකයන් රැසක් රාජකාරීවලින් ඉවත් වෙයි - දිවයින පුරා වැඩවර්ජන

තවද මෙම සිද්ධියට අඳාළ තෙවැනි සැකකරු වන වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2 ක් තහනම් කිරීමට කටයුතු කළ බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන් බව සඳහන්.

ඒ අනුව ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා එළඹෙන 08 වැනි දින මෙම නඩුව නැවත කැඳවීමට නියම කර ඇත.

මේ අතර අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්ෂක නීති නිලධාරිනිය අධිකරණයට දන්වා ඇත්තේ 2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්‍රකාරව මෙම දේපළ අත්හිටුවීමට පියවර ගත් බවයි.

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක් - ලාෆ්ස් ගෑස් මිල අඩු කිරීමේ නිවේදනය අද පස්වරුවේ

සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අඳාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර ඇත.

එබැවින් මෙම සිද්ධියේ පළමු සැකකරු වශයෙන් චරිත් අබේසිංහ සහ දෙවැනි සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටියි.

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

අද සවස රටම බයෙන් සිටි සුළි කුණාටුව ගැන නිවේදනයක් - හෙට තත්ත්වය තවත් ප්‍රබලයි

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා සුබයි - දවසේ ලග්න පලාපල