හානි වූ හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට ස්වීඩනයෙන් ඉහළම තත්ත්වයේ හෙල්ල පහක් ගෙන්වයි - ක්‍රීඩා අමාත්‍යංශයෙන් පරිත්‍යාග කරයි

Report

හානි වූ හෙල්ල වෙනුවට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගට ලෝකයේ ඉහළම තත්ත්වයේ හෙල්ල පහක් ස්වීඩනයෙන් ගෙන්වා භාරදීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

නෝඩික් (Nordic) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම හෙල්ල පහ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සහ අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ ගෙන්වා ඇති බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සඳහන් කළේය.

රුමේෂ් තරංගගේ හෙල්ලවලට හානි සිදුවීමෙන් පසුව අදාළ තරගාවලිය සඳහා වෙනත් හෙල්ලයක් ලබාදීමට කටයුතු කළ බවත්, පසුව රුමේෂ්ගේ අවශ්‍යතාවට ගැළපෙන හෙල්ල කිහිපයක් නිෂ්පාදනය කර ලබාදීමට නෝඩික් සමාගම එකඟ වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව, අදාළ හෙල්ල නිෂ්පාදනය කර ස්වීඩනයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට යම් කාලයක් ගත වූ බවද ඔහු සඳහන් කළේය.

හෙල්ල පහ භාරගැනීමෙන් අනතුරුව අදහස් දැක්වූ රුමේෂ් තරංග පැවසුවේ, මෙම නව හෙල්ල සමඟ 2027 වසරේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර තරගාවලි සඳහා බියකින් තොරව සූදානම් වීමට හැකියාව ලැබෙන බවයි.

සචින් වගේ වෙයිද? කම්බ්ලි වගේ වෙයිද? - වෛභව් සූර්යවංශි ගැන කපිල් දේව්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සචින් වගේ වෙයිද? කම්බ්ලි වගේ වෙයිද? - වෛභව් සූර්යවංශි ගැන කපිල් දේව්ගෙන් විශේෂ ප්‍රකාශයක්

2027 වසරේදී මෙල්බර්න්හි පැවැත්වෙන තරගාවලියට අමතරව ආසියානු ශූරතාවලිය සහ ලෝක ශූරතාවලිය ඇතුළු තවත් ප්‍රධාන තරගාවලි කිහිපයකට සහභාගී වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.

ලෝක හෙල්ල ශ්‍රේණිගත කිරීම් වල 1 තැන තාම ස්ථාවරව සිටින බවද ප්‍රකාශ කළ අතර තවද, ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්හි 13 වැනි ස්ථානයේ පසුවන තමන්ට ඒ පිළිබඳව විශාල සතුටක් ඇති බව රුමේෂ් පැවසීය.

එමෙන්ම, ලෝක මලල ක්‍රීඩා ජනප්‍රියම ක්‍රීඩකයා තෝරාගැනීමේ ඡන්ද විමසීමට ආසියාවෙන් පළමු වරට ඇතුළත් වීමට හැකිවීමද විශේෂ ජයග්‍රහණයක් බව ඔහු සඳහන් කළේය.

ඔහු එහිදි මත විමසිම මත 8 වැනි තැනට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රීඩකයන්ට අවශ්‍ය නවීන ක්‍රීඩා උපකරණ සහ පහසුකම් ලබාදීම මෙන්ම ක්‍රීඩා පිටි නවීන තත්ත්වයට පත් කිරීමද අත්‍යවශ්‍ය බව රුමේෂ් තරංග වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

නවසීලන්තය පරදා පස්වැනි එක්දින තරගය ඉන්දියාව ජයගනී - තරගාවලියේ ජයත් ඉන්දියාවට

නවසීලන්තය පරදා පස්වැනි එක්දින තරගය ඉන්දියාව ජයගනී - තරගාවලියේ ජයත් ඉන්දියාවට