ජනපතිගෙන් අනාගත පරපුරට සහතිකයක්.
Ranil Wickremesinghe
Sri Lanka
President of Sri lanka
By krishani
පසුගිය සමය තුළ රටටත්, ජනතාවටත් මුහුණ දීමට සිදු වූ අන්දමේ අවාසනාවන්ත යුගයකට මතු පරපුරට මුහුණ දීමට සිදු නොවන අන්දමින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.
ඒ අද (13) පෙරවරුවේ මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150වන සංවත්සර උත්සවයට එක් වෙමින් ය.
එමෙන්ම ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කරගත් පමණින් රටේ ආර්ථික ගැටලුවලට විසඳුම් හිමි නොවන බවත් නිවැරදි තීන්දු තීරණ සමග ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කළ යුතු බවත් ඒ මහතා කියා සිටියේ ය.
කෙසේ වෙතත්, අලුතින් සිතා අලුත් වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට නොගියහොත් තවත් වසර 10ක් යන තැන රට නැවත ආර්ථික අභියෝගයකට ලක්වීම නොවැළැක්විය හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසීය.
