ජනපති හදිසි ඇරයුම පිළිගනී..!

Ranil Wickremesinghe Ministry of Health Sri Lanka GMOA Sri Lanka President of Sri lanka
By Sewvandhi Mar 24, 2024 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් පවසන ජනාධිපතිවරයා එම අතීත අත්දැකීම්ද සමඟ ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් රට තුළ සහතික කළ යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකළේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති හමුවකදීය.

එම සංගමය විසින් සංවිධානය කළ වැඩමුළුවක් පෙළොන්නරුවේ දී ආරම්භ වූ අතර එහි පැවති වෙනත් නිල වැඩසටහනකට සහභාගීවීමට පැමිණි සිටි ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ දී තම වැඩමුළුව පැවැත්වෙන ස්ථානයටද කෙටි වේලාවකට හෝ පැමිණෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් හදිසි ඇරයුමක් සිදුකර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අදාළ ඇරයුම පිළිගත් ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ සුහද කතා බහක නිරත වු බවයි.

මේ අතර මේ වන විට දිවයින පුරා පැවැති ඖෂධ හිඟය ක්‍රමානුකූලව පහව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් ක‍ළේය.

රාජ්‍ය පිළිබඳ කාරක සභාව එහි සභාපති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා රැස්වු අතර ඊට සෞඛ්‍ය ආමත්‍යංශ නිළධාරීන් කැදවා තිබුණි.