අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ දේ මෙන්න
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද (07) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද එම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
එම රැස්වීමට සහභාගී වූ ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ මේ වනවිට රට තුළ උද්ගතවී ඇති විදුලි අර්බුදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවය. ඊට අමතරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන්ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහි දී සාකච්ඡා විය.
විදුලි කප්පාදුවක් සිදුකරන්නේ නම් එය නිසි ක්‍රමවේදයක් අනුව සිදුකළ යුතු බවට එහිදී අදහස් මතුවී තිබුණි. පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි වශයෙන් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
"ඇයි ඇමතිවරු අතර මතවාද දෙකක්," යන කාරණාවද පසුපෙළ මන්ත්‍රීවරුන් විමසූ බව ඒ මහතා පැවසීය. සාමුහික වගකීම කැබිනට් ඇමතිවරුන්ගෙන් ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්න යනුවෙන් ඔවුන් ඉල්ලා සිටි බව ඔහු පැවසීය. එම හමුවේදී, එළඹෙන සතියේ පාර්ලිමේන්තු වැඩසටහන් සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මන්ත්‍රී කණ්ඩායමේ අවධානය යොමු විය.
රටේ අපනයන ආදායම ඉහළ දැමීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |