මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ උප සභාපතිට වීදුරු ප්‍රහාරයක් (PHOTOS)
මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්වීම අද (13) පැවති අවස්ථාවේ , එම සභාවේ උප සභාපති පෙරියසාමි ප්‍රදීපන් මහතාට , මන්ත්‍රීවරයෙකු විසින් වීදුරුවකින් හිසට පහර දී තුවාල සිදු කර තිබෙනවා.
එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාසික සභා රැස්වීම අද (13) උදෑසන 10 ට ආරම්භ කර ඇති අතර මස්කෙළිය නගරයේ අනවසර ඉදි කිරිම් සම්බන්ධයෙන් පෙරියසාමි ප්‍රදීපන් මහතා ප්‍රශ්න කරමින් සිටියදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු වන එස්.ඒ.දිසානායක මහතා වීදුරුවක් අතතිව පැමිණ තමන්ගේ හිසට පහර දී තුවාල සිදු කිරිම නිසා තුවාල සහිතව තමන් රෝහල් ගත වු බවයි පෙරියසාමි ප්‍රදිපන් මහතා කියා සිටියේ
. උප සභාපතිවරයා සහ තවත් මන්ත්‍රිවරයෙකු අතර ඇති වු ගැටුම නිසා මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මාසික සභා රැස්විම දින නියමයක් නොමැතිව කල් තැබීමට එම ප්‍රාදේශිය සභාවේ සභාපතිනි ගොවින්දන් සෙම්බගවල්ලි මහත්මිය පියවර ගෙන තිබෙනවා.
පෙරියසාමි ප්‍රදීපන් මහතාට පහරදුන් බව කියන එම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රි එස්.ඒ.දිසානායක මන්ත්‍රිවරයාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ මස්කෙලිය ප්‍රදේශයේ තම පාක්ෂිකයෙකුගේ නිවසට පිවිසෙන මාර්ගයක් ඉදි කිරීමට සභාවෙන් අවසර ලබාගෙන එම මාර්ගයේ ඉදි කිරිම් කටයුතු සිදු කරන අවස්තාවේ එම මාර්ගය ඉදි කිරීම සම්බන්ධයෙන් අකමැත්ත පල කළ පාර්ශවයකට සහයෝගය දක්වා පෙරියසාමි ප්‍රදීපන් මහතා සභාව තුළ නොසන්සුන්කාරි ලෙස හැසිරි තවත් මන්ත්‍රිවරයෙකුට පහර දීමට උත්සහ කල අවස්තාවේ එය වලක්වා ගැනීම සඳහා උප සභාපතිවරයාට ප්‍රහාරයක් එල්ල කල බවයි.
උප සභාපතිවරයා තමන්ටද ප්‍රහාරයක් එල්ල කල බවත්, ඉන් තමන්ටද තුවාල සිදු වී ඇති බවත් රි එස්.ඒ.දිසානායක මහතා කියා සිටියා.


