ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරකයට

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රී නිල සංචාරයක් සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයකින් තහවුරු වී ඇත.

ඇමරිකා සංචාරයෙන් පසු ඔහු ජපානයේ නිල සංචාරයකට එක්වනු ඇත.

බදාදා (24) ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වන අතර, ඇමරිකා වේලාවෙන් පස්වරු 3:15ට මහා මණ්ඩලය අමතා, රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව පැහැදිලි කිරීමට නියමිතය. මෙම සංචාරයේදී ඔහු එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා ඇතුළු ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත. එසේම, ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ හමුවකට ද සහභාගී වේ.

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

සැප්තැම්බර් 27 වැනිදා ජනාධිපතිවරයා නිව්යෝක් සිට ජපානයේ ඔසාකා නගරයට පැමිණෙනු ඇත. ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා මහතාගේ ආරාධනයකට අනුව ඔහු මෙම සංචාරයේ නිරත වේ. සැප්තැම්බර් 29 වැනිදා ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වන ජනාධිපතිවරයා, 30 වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය. මෙම සාකච්ඡාවලදී ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ලබාගැනීමට සහ දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමට විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයා ජපානයේ 2025 එක්ස්පෝ ප්‍රදර්ශනයට සහභාගී වන අතර, ශ්‍රී ලංකා දින සැමරුමට ද එක්වේ. මෙම ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සංචාරක, ව්‍යාපාර, වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පිරිසක් සහභාගී වනු ඇත. එසේම, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ද හමුවීමට නියමිතය.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද ජනාධිපතිවරයා සමඟ එක්වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකා සහ ජපාන සංචාරය නිමා කර ඔක්තෝබර් 1 වැනිදා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

වාහන ගැන සතුටු හිතෙන ආරංචියක්, වාහන ආනයනයෙන් රේගුවට බිලියන 430ක ආදායමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්

ආයේ මේ අයව ඊශ්‍රායාල රැකියාවලට එවන්න එපා, තානාපතිගෙන් දැනුවත් කිරීමක්