ජනපති වීමෙන් පසු ප්‍රථම වරට ජනපති අනුරපුර‌ට යයි..

Anuradhapura Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka President of Sri lanka
By Subodha Aug 20, 2022 07:46 AM GMT
Subodha

Subodha

Report

අද (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහ සෑ රදුන් ද වැඳ ගැනීමට අනුරාධපුරයට පැමිණියා.

මෙතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමු වරට අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගෙන ඇත්තේ.

ජනාධිපතිවරයා පළමුවෙන්ම අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඓතිහාසික ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත් අතර, පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුවන්වැලි මහ සෑ රදුන් ද වැඳ පුදා ගෙන රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now