අද මුළු රටටම විශේෂ දිනයක් වෙයි...
ජනාධිපතිවරණයට අදාළව අද විශේෂ දිනයක් ලෙස නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදා හරින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අද පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 දක්වාම එම කටයුතු සිදු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 03 වැනිදා ආරම්භ වුණා.
මේ වනවිට ලක්ෂ 30ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් බෙදාහැර ඇතැයි බවයි පැවසෙන්නේ.
ලබන 11, 12, 13 සහ 14 යන දිනවලදී ද ඡන්ද පත්‍රිකා නිවෙස්වලට බෙදාහරින බවයි, කොළඹ පෙරේදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ.
මේ අතර, ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතය 80% ක් පමණ වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 95% ක් පමණ භාවිතා කර ඇති බවත්, අදාළ කාලය තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර මහතා සදහන් කළා.