සහල් මාෆියාව ගැන ජනපති අනුරගේ තීරණය මෙන්න.

By Wayomi Dec 06, 2024 03:33 AM GMT
Report

සහල් අර්බුදය විසඳීම සඳහා මේ මස 20 වනදා වනවිට සහල් මෙට්‍රික්ටොන් 50,000ක් සමූපාකාර තොග වෙළෙඳ සංස්ථාවට ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින්.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ මෙරට සහල් සංචිත සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ ගැටළුකාරී තත්ත්වයක් පවතින බවත්, දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සහල් මාෆියාව බිඳදැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සකස් කරමින් සිටින බවත්ය.

"අපි ඇවිත් කෙටි දවසකින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණු වාර්තාව රට තුළ සහල් ප්‍රමාණවත් කියලා. නමුත් පාරිභෝගික අධිකාරිය විසින් කළ සමීක්ෂණ අනුව හෙළිවුණා සහල් හිඟයක් තියෙනවා කියලා. ඒ නිසා අපි සහල් ආනයනය කරන්න තීරණය කළා."

මේක දෙන්නෙක් තුන්දෙනෙක්ගේ ඒකාධිකාරියකට අයිති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දැනට ඒගොල්ලන්ට ඒ හයිය තියෙනවා. අපිට පාලනය කරගැනීම සඳහා මෙවලමක් නැති නිසා. අපි දැඩි ස්ථාවරයක ඉන්නවා. අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගන්නවා. නමුත් යම් කාලයක් යයි."  

"මට එක පාරටම වෙඩි තියලා මරලා දාපල්ලා." - මාලිමාවට උදව් කරපු රාජාංගණයේ හාමුදුරුවන්ට සිදු වූ දේ.- අද CIDයට. - (VIDEO)

"මට එක පාරටම වෙඩි තියලා මරලා දාපල්ලා." - මාලිමාවට උදව් කරපු රාජාංගණයේ හාමුදුරුවන්ට සිදු වූ දේ.- අද CIDයට. - (VIDEO)