යුරෝපයේ පළමු ඉබෝලා රෝගියා වාර්තා වෙයි

Report

කොංගෝ ජනරජයේ පැතිර යන මාරාන්තික ඉබෝලා වෛරසය ආසාදනය වූ පළමු යුරෝපීය රෝගියා ප්‍රංශයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය අද (24) වාර්තා කළේය.

අදාළ රෝගියා කොංගෝ ජනරජයේ මානුෂීය සෞඛ්‍ය මෙහෙයුමක නිරතව සිටියදී වෛරසයට ගොදුරු වූ වෛද්‍යවරයෙකු බව සඳහන් වේ.

ආසාදනය තහවුරු වීමත් සමඟ ඔහු ප්‍රංශයේ විශේෂිත ප්‍රතිකාර ඒකකයකට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට ස්ථාවර සහ යහපත් මට්ටමක පවතින බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

කොංගෝ ජනරජය තුළ මේ වන විට ඉබෝලා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 260කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බව වාර්තා වේ.

ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පල්ලම් බසියි - මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමට ලගාවෙයි

ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පල්ලම් බසියි - මාර්තු මාසයෙන් පසු වාර්තා වූ අවම මට්ටමට ලගාවෙයි

මීට පෙර ද කොංගෝවේ සේවය කළ අමෙරිකානු වෛද්‍යවරයෙකුට ඉබෝලා වෛරසය ආසාදනය වී තිබූ බව සඳහන් වේ. මේ අතර, කොංගෝවේ අසල්වැසි රාජ්‍යයක් වන උගන්ඩාවෙන් ද ඉබෝලා ආසාදිතයන් 20 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) දැනුම් දී ඇත.

ඉබෝලා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කලාපීය සහ ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.