කාන්තාවක් පදවාගෙන ආ වෑන් රථය පාලනයෙන් ගිලිහී දරුණු අනතුරක්-5 දෙනෙක් රෝහලට

Report

පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී අද (24) සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අනුරාධපුරයේ වන්දනා ගමනකින් ආපසු මීගමුව දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ත්‍රීරෝද රථයක ගැටී, පසුව අසල පිහිටි ගොඩනැගිල්ලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය කාන්තාවක විසින් පදවා ඇති අතර, එහි පුද්ගලයින් 7 දෙනෙකු ගමන් කර තිබේ.

වෑන් රථය මීගමුව දෙසට ධාවනය වෙමින් තිබියදී තිල්අඩිය ප්‍රදේශයේදී එකවරම මෝටර් රථයක් මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන්, එම රථය සමඟ ගැටීම වැළැක්වීමට වෑන් රථ රියදුරිය උත්සාහ කර ඇති බව සඳහන් වේ.

එහිදී වෑන් රථය පාලවිය දෙසින් පැමිණි ත්‍රීරෝද රථයකද ගැටී, පාලනය අහිමිව ප්‍රතිවිරුද්ධ දිශාවේ පිහිටි ගොඩනැගිල්ලක ගැටී නවතා ඇත.

කඩවත බිහිසුණු අනතුරින් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

කඩවත බිහිසුණු අනතුරින් පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

අනතුරෙන් වෑන් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ ත්‍රීරෝද රථයේ ගමන් කළ තිදෙනෙකු තුවාල ලබා ඇති අතර, වෑන් රථය ගොඩනැගිල්ලේ ගැටෙන අවස්ථාවේ එහි සිටි අනෙකුත් කාන්තාවන්ට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.