තමන්ගේ වාහනවල කොළඹ එන අයට දැනුම්දීමක් - සාමාන්‍ය ගාස්තුව වගේ දෙගුණයක් ගෙවලා මෙට්‍රෝ බස්වල යන්න ලෑස්ති වෙන්න - ප්‍රවාහන නි. ඇමති කියයි
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මෙට්‍රෝ බස් රථ සේවාව ක්‍රියාත්මක කරන්නේ මෙතෙක් බස් රථ ධාවනය නොවූ, සම්පූර්ණයෙන්ම අලුතින් හඳුනාගත් මාර්ගවල බව ප්‍රකාශ කර ඇත.
එසේම ඔහු පෙන්වා දෙන්නේ මෙය ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දෙන "සුඛෝපභෝගී" කාණ්ඩයේ නවතම සේවාවක් බවයි.
ඒ අනුව මෙම නව බස් සේවාව පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
" අපි මේ මෙට්‍රො බස් රථ හඳුන්වලා දීල තියෙන්නෙ අර්බන් ලක්ෂරි කියලා අලුත්ම කැටගරියක්. ඒක එතකොට ධාවනය වන පාරවල් කලින් බස් රථ ධාවනය වූ පාරවල් නෙවෙයි. මේ බස් රථ ධාවනය වෙන්නේ අපි අලුතෙන්ම අඳුන ගත්ත බස් රථ ධාවනය වන මාර්ගවල තමයි ධාවනය වෙන්නේ. එතකොට දැන් තියෙන ඩිපෝවලින් බස් රථ රීප්ලේස් වීමක් වෙන්නේ නැහැ. ඒවගේම සාමාන්‍ය ගාස්තුවක වගේ දෙගුණයක ගාස්තුවක්. ඒ සංකල්පයට තමයි යන්න එතකොට අපේ ප්‍රමුඛතාවය තියෙන්නේ, මේ මෙට්‍රබස්වලට අපි ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෝ තමන්ගෙ වාහනයක කාර් එක හරි බයික් එක හරි වෑන් එකක හරි කොළඹට ඇවිල්ලා තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්න කට්ටිය. හැමදාම රස්සාවට යන කට්ටිය ඒ වාහන අඳාළ තැන්වල නවත්තලා මේ බස් රථයේ කොළඹට ගෙන්වා ගැනීම තමා අපේ බලාපොරොත්තුව. ඒක තමා අපි ක්‍රමිකව වැඩි කරගෙන යන්නේ මේ බස් නවත්වන හෝල්ට් ගණන මුලදි විසි එකක් හඳුන ගෙන තිබුණා. ඒ 21ම නවත්වන්නේ නැහැ. මුලදී අපි හිමින් සීරුවේ තමයි බස් හෝල්ට් ගාන වැඩි කරගෙන යන්නෙ. එතකොට මේකේ ඉලක්කය වෙන්නේ අර තමන්ගේ පෞද්ගලික වාහනවලින් නගරයට ඇවිල්ල තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගෙන යන කට්ටිය"