රට ගොඩනගා ජනතාව නගා සිටුවන්න ජනපති වැඩ අල්ලයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ, රට ආර්ථිකව ඉදිරියට ගෙන යාම හා ජනතාවට උසස් ජීවන තත්ත්වයක් උදා කිරීම සඳහා දේශපාලන හා රාජ්‍ය අංශ ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

කිසිවෙකුට වෙන්ව ක්‍රියා කළ නොහැකි අතර, ජනතාව වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක කිරීම සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද ඔහු අවධාරණය කළා.

මෙය ජනාධිපතිවරයා සඳහන් කළේ, ඊයේ (11) හම්බන්තොට දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

ඔන්න දැන් ඉඳන් දවස් 30 ක් වීසා නැතුව චීනෙට යන්න පුළුවන්

එහිදී කෘෂිකර්ම, ධීවර, සෞඛ්‍ය, අධ්‍යාපන, ග්‍රාමීය මාර්ග, ඉඩම්, වාරිමාර්ග සහ ඩිජිටල්කරණය ඇතුළු ක‍්ෂේත්‍රවල ගැටළු සහ විසඳුම් පිළිබඳ සාකච්ඡා විය.

2025 අයවැයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයට වෙන් කළ රු. මිලියන 574යෙන් දැනට වැය වී ඇත්තේ රු. මිලියන 23ක් පමණක් වන අතර, වසර අවසන් වනවිට මෙම ප්‍රතිපාදන නිසි පරිදි ජනතාව වෙනුවෙන් භාවිත කළ යුතු බව ජනාධිපතිවරයා සදහන් කළා.

වව්නියාවේ උණුසුම් තත්ත්වයක් - එක් අයෙක් මරුට

වව්නියාවේ උණුසුම් තත්ත්වයක් - එක් අයෙක් මරුට

ඉඩම් නිරවුල් කිරීම, නිසි පුද්ගලයන්ට භාවිතා කළ හැකි පරිදි ඉඩම් වෙන් කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.

පාසල් පද්ධතියේ සංවිධානය, දත්ත පද්ධතියකින් තොරව ගැටළු විසඳිය නොහැකි වීමත්, දත්ත මත පදනම්ව තීරණ ගැනීමේ වැදගත්කමත් ඔහු පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය යළි ශක්තිමත් කිරීමේ දී, වසර 5කින් 30,000ක් පමණ සේවකයන් බඳවා ගැනීමට සැලසුම් ඇතැයිද, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු නිලධාරීන්ට වාහන ලබාදීම සඳහාද අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා කියා සිටියා.