දේශබන්දුගේ කට්ටි පැනීම ගැන ජනපති කියයි

By Shehan Mar 11, 2025 06:56 AM GMT
Report

පොලීසියේ ප්‍රධානියා නීතියෙන් කට්ටි පනිමින් සිටින්නේ නම් නීතිය ආරක්ෂා කිරීමට මහජනතාවට ආරාධනා කරන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරනවා.

ඒ, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලද බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරාධිපති රාස්සගල විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවයට සහභාගී වෙමින්.

CID යෙන් පිටව වැඩිය කිරිවෙහෙර විහාරාධිපති (VIDEO) (UPDATE)

CID යෙන් පිටව වැඩිය කිරිවෙහෙර විහාරාධිපති (VIDEO) (UPDATE)

විහාර දේවාලගම් පනත ද කඩිනමින් සම්මත කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම, දේශපාලන සංස්ථාව පිරිසිදු කිරීම සහ බිඳවැටී ඇති සමාජය යළි ගොඩනැගීම, රට හමුවේ ඇති ප්‍රධාන අභියෝග බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

දරුවාගේ අපයෝජන සිද්ධියට යුක්තිය ඉල්ලා හිටපු අගමැති දියණිය අනුර හමුවට!

සමාජය යළි සුවපත් කිරීමේ වගකීමට සියලු පුරවැසියන්ගේ දායකත්වය අතිශය වැදගත් බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ