රියදුරන්ගේ සහ පදිකයින්ගේ මාර්ග විනය සෑදීමට පොලිස්පතිගෙන් නව යෝජනාවක් - දඩ ගැසීමට අමතරව කරන්න යන දේ මෙන්න

Report

දිවයින පුරා සිදුවන රිය අනතුරු අවම කිරීමේ පියවරක් වශයෙන්, අනතුරුදායක ස්ථාන 712ක් හඳුනාගෙන තිබෙන බවත්, එම ස්ථාන වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන හා ඉදිරි කටයුතු සැලසුම් කරමින් පවතින බවත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පිරිසගේ සහභාගීත්වයෙන් පැවැති රැස්වීමකදී, මෙරට වසරකට සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,500 සීමාව ඉක්මවා යන බව පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළා.

එසේම මෙම වසරේ මේ දක්වා කාලය තුළදී ද මාරක රිය අනතුරු 1,849ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම දිනකට රිය අනතුරුවලින් පුද්ගලයින් 7 සිට 10 දක්වා ප්‍රමාණයක් මියයන බව පොලිස්පතිවරයා සඳහන් කරයි.

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

එහිදී, රිය අනතුරුවලින් වැඩිපුරම මියයන්නේ පදිකයින් සහ යතුරුපැදිකරුවන් වන අතර, ඊට අමතරව ත්‍රීරෝද රථ අනතුරු ද ඉහළ අගයක් ගන්නා බව ඔහු පවසයි.

කෙසේ වෙතත් රියදුරන්ට දඩ ගැසීමෙන් පමණක් මාර්ග විනය සෑදිය නොහැකි බවත්, දරුවන්ගේ කාලයේ සිටම පාසල් පෙළපොත් හරහා මාර්ග විනය සහ නීති පිළිබඳ දැනුවත් කිරීම් ඇතුළත් කළ යුතු බවත් පොලිස්පතිවරයා අවධාරණය ක‍රන බව සඳහන්.

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

මේ පාසල්වලට සහ ගුරුවරුන්ට රජයෙන් සුබ ආරංචියක් - ගුරුවරුන් බඳවා ගැනීමට සහ ගුරුවරුන් සඳහා නිවාස ඉදිකිරීමට සැලසුම්

සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශ‍යෙන් නිවේදනයක්

සෞදි අරාබියේදී මරණ දඬුවම හිමි වූ ලාංකිකයා වෙනුවෙන් රටම බලා සිටි පිළිතුර - විදේශ අමාත්‍යාංශ‍යෙන් නිවේදනයක්