ඉහලම සෞඛ්‍ය ලොක්කන් ජනපති හමුවේ.. තීරණය කුමක් ද..?

president covid19 lock down pavithra vanniarachchi arjuna de silva
By Sewvandhi Aug 12, 2021 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් පිරිසක් මේ වන විට ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී සිටී.

පවතින තත්ත්වය මත ගතයුතු තීරණ ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබේ.

එමෙන්ම ඉදිරි සති දෙක වඩාත් තීරණාත්මක හෙයින් රට"ලොක්ඩවුන්"(සම්පූර්ණයෙන්ම වැසීම) කළ නොහැකි නම් "ලොකප්" ( පුද්ගල සංචරණය පාලනය ) කරන්නැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.

පුද්ගල සංචරණ ඉදිරි සති දෙකේදී හැකිතාක් සීමා කළ යුතු බවද කළ නොහැකි නම්සඳහන් කළේය. වයිරසය බෝවිය හැකි සියලුම ස්ථාන වසා දැමිය යුතු බව පැවසූ මහාචාර්යවරයා විශේෂයෙන්ම විවාහ මංගල්‍ය උත්සව, අවමංගල්‍ය උත්සව කායවර්ධන මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට පියවර ගත යුතු බවද ප්‍රකාශ කළේය.

පුද්ගල සංචරණ මේ ආකාරයට සිදු වන්නේ නම් කොරෝනා පැතිරීම කිසිසේත් පාලනය කළ නොහැකි බවත් පළාත් සංචරණ සීමා පණවා ඇතත් පළාත් හැරෙන්නට මිනිසුන් සියලු දෙනා හිතුමතේ සංචරණය කරන බවත් ඔහු සඳහන් කළේය .

රජය සහ අදාළ ආයතන එකතුවී ඉදිරි සති දෙක තුළ දැඩි ක්‍රියාමාර්ගවලට යා යුතු බවත් ආයතනවලට සේවකයන් කැඳවීමද සැලකිය යුතු ලෙස අඩු කළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. සංචරණ සීමා නොකර මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම අමාරු යැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now