මීට සුළු මොහොතකට පෙර චමල් රාජපක්ෂගේ බිරිඳ චන්ද්‍රා මාලිනී රාජපක්ෂ අභාවප්‍රාප්ත වෙයි
හිටපු කතානායකවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු ද වන චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
මියගිය චන්ද්‍රා මාලිනී රාජපක්ෂ මහත්මිය හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මව ද වන අතර ඇය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව බව මාධ්‍ය වාර්තා කරයි.
චමල් රාජපක්ෂ මෙරට පාර්ලිමේන්තුවේ කතානායක ධුරය මෙන්ම අමාත්‍ය ධුර කිහිපයක් ද හොබවා ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වේ.
ඒ අනුව, අභාවප්‍රාප්ත චන්ද්‍රා මාලිනී රාජපක්ෂගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.
රාජ්‍ය නිළධාරීන් වෙනත් රාජකාරි සඳහා පැවරීම ගැන දැනුම්දීමක් - දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේකයක් නිකුත් කෙරේ
