තවත් වැඩ වර්ජනයක පෙර නිමිති පහළ වෙයි
Hospitals in Sri Lanka
Sri Lanka Government
Sinhala news
By Hashan
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය විසින් ලබන 22 වනදා පෙරවරු 8 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අවධාරණය කර සිටිනවා.
උසස්වීම් හා වැටුප්, දීමනා විෂමතාවයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම ඇතුළු ගැටළු කිහිපයකට කඩිනම් මැදිහත්වීම නොලැබීම හේතුවෙන් ඔවුන් මෙලෙස වැඩ වර්ජනයකට යාමට සුදානම් බවයි වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත්, අදාළ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා තවදුරටත් සූදානම් බව ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
එම ගැටලු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීමට මෙතෙක් දැරූ සියළු උත්සාහයන් ව්‍යර්ත වී ඇතැයි ද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.
