ගර්භණී මව්වරුන්ට විශේෂ පණිවිඩයක්.!!

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Dec 04, 2022 05:18 AM GMT
Aruna

Aruna

Report

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව පසුගිය මාසය වන විට අඩු බර සහිතව දරුවන් ඉපදීමේ ප්‍රතිශතය සියයට පහළොවයි දශම හය දක්වා (15.6) ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය ජනවාරි මාසයට වඩා සැලකිය යුතු වැඩිවීමක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය ජනවාරි මාසය වන විට දරුවන්ගේ උපත් බර අඩුවීමේ ප්‍රතිශතය සියයට එකොළහයි දශම හතක් (11.7) ලෙස සටහන් වී තිබිණි.

මාතෘ මන්දපෝෂණය, ගර්භණී කාලය තුළ මව අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම, ගර්භණී කාලයේ දුම්පානය කරනා ස්ථානවල ගැවසීම, ගැබිනි සමයේ අධික සිත් තැවුලෙන් සිටීම, පෙර ප්‍රසව රක්තපාතය වැනි කරුණු මෙලෙස අඩු බර සහිත දරුවන් බිහිකිරීමට හේතු වී ඇති බව වෛද්‍යවරු පවසති.

සාමාන්‍ය දරුවකු රැකබලා ගැනීමට වඩා මෙලෙස අඩුබරකින් උපදින බිලිඳුන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔවුන්ට අඛණ්ඩව මව්කිරි ලබාදීම වැදගත් බවත් වෛද්‍යවරු අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join