සෞදියේදී මරණ දඬුවම හිමිවූ අනෝජන් බේරාගන්න රජයෙන් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් - මාලදිවයින් හිටපු ජනපතිගෙන්ද සහාය
මේ වනවිට සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් බේරා ගැනීම සඳහා රජය සියලු පියවරයන් මේ වන විට ගනිමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත .
ඒ සඳහා සෞදි රජුට ලිපියක් යැවීම සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේද උදව් අපේක්ෂා කරන බව එතුමා සදහන් කර තිබේ .
ඒ වගේම ජනාධිපතිවරයාගේ ඉල්ලීම් ඇතුළත් සහ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අත්සන් සහිතව ලිපියක් සෞදි රජුට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පෙන්වා දෙන ලදි.
මේ පිළිබද තව දුරටත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ මෙවන් අදහසක්
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර
"සියලු පියවරයන් ක්‍රියාත්මක තලයේ පසුවන්නේ. උදාහරණයක් හැටියට මේ සම්බන්ධයෙන් සෞදි රජුට මේ ඉල්ලීම කිරීම සඳහා මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ උදව් අපේක්ෂා කරනවා. ඒ අනුව තමයි උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාපා මහත්වරුන් මේකට සහභාගි වුණේ. ඒ හරහාත් අපි සෞදි රජුට මේ ඉල්ලීම කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ ලිපියත් සමගම සෞදි රජුට ඉදිරිපත් කිරීමට සූදානම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ සැසිවාරය තුළදී අපි බලාපොරොත්තු වෙනවා අපේ විදේශ ඇමතිවරයා සෞදි විදේශ ඇමතිවරයාත් සමග සාකච්ඡා කරන්න. අපි හැම පැත්තෙම මේ ගැන කටයුතු කරනවා.
මේ සිදුවීම සිදුවූ දවසේම අපේ තානාපති කාර්යාලය අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික, නීතිමය කටයුතු සඳහා මැදිහත් වෙමින් ඉන්නවා. මෙතන අපිට වෙන රටක පවතින නීතියක් එක්ක තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒ රටේදී අභියාචනා දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි ශ්‍රී ලාංකික තරුණයාගේ පැත්තෙන් සහ සෞදි රජය පැත්තෙන්. එතකොට අභියාචනා දෙකම සැලකිල්ලට අරගෙන තමයි මේ තීන්දුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ ජීවිතය බේරාගෙන ඔහු ලංකාවට රැගෙන එන්න. ඒ සඳහා කරන්න පුළුවන් හැම පැත්තෙන්ම අපි කටයුතු කරනවා."