ආණ්ඩුවෙන් රැඩිකල් තීරණයක් - ''රටින් පිටට ගෙන ගිය ශ්‍රී ලංකාවේ උරුම යළි ගෙන්වීමට විශේෂ කමිටුවක්''

Report

යටත් විජිත සමයේදී විදේශ රටවලට රැගෙන ගිය ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ සහ කෞතුක වස්තු යළි මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

‘විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන කමිටුව’ ලෙස නම් කර ඇති එම කමිටුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ (සංස්කෘතික ප්‍රවර්ධන සහ විදේශ) ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළ යුනෙස්කෝ සංවිධානයේ 1970 වසරේ සංස්කෘතික දේපළ නීති විරෝධී ලෙස ආනයනය, අපනයනය සහ අයිතිය පැවරීම තහනම් කිරීම පිළිබඳ ප්‍රඥප්තියට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක් - ජල මණ්ඩලයෙන් ජනතාවට හදිසි නිවේදනයක්

ප්‍රදේශ කිහිපයකට හෙට පැය 13ක ජල කප්පාදුවක් - ජල මණ්ඩලයෙන් ජනතාවට හදිසි නිවේදනයක්

එම ප්‍රඥප්තියේ 7 සහ 13 වගන්ති යටතේ විදේශයන් සතුව පවතින සංස්කෘතික දේපළ යළි ඉල්ලා සිටීමට අදාළ රටවලට අයිතිය හිමි වේ. මෙම ක්‍රියාවලියේ පළමු අදියරක් ලෙස 2023 වසරේදී නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නුවර පිහිටි රිජ්ක්ස් කෞතුකාගාරය (Rijksmuseum) කෞතුකාගාරයේ තිබූ ශ්‍රී ලාංකේය කෞතුක භාණ්ඩ හයක් නිල වශයෙන් මෙරටට ලබා ගැනීමට කටයුතු කර තිබේ.

ඒ අතර ලෙව්වේ දිසාවගේ කාලතුවක්කුවක්, මහ තුවක්කු දෙකක්, කොපු සහිත කස්තාන දෙකක් සහ කොපු සහිත පිහියක් ඇතුළත් විය. නව කමිටුව මඟින් ඉදිරියේදී නෙදර්ලන්ත බලධාරීන් සමඟ කෞතුක භාණ්ඩ ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධයෙන් සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.

එමෙන්ම යටත් විජිත සමයේදී විදේශගත වූ ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ යළි මෙරටට ලබා ගැනීමේ ක්‍රියාවලියේදී රජයට අවශ්‍ය විශේෂ උපදෙස් ලබා දීමටද මෙම කමිටුව දායක වනු ඇත. 

“ජනපතිට ‘සහෝදරයා’ ලෙස හැඳින්වීම අපහාසයක් නොවෙයි” - දුමින්ද දිසානායකත් ජනපතිට ‘සහෝදරයා’ කියයි

“ජනපතිට ‘සහෝදරයා’ ලෙස හැඳින්වීම අපහාසයක් නොවෙයි” - දුමින්ද දිසානායකත් ජනපතිට ‘සහෝදරයා’ කියයි