පිල්ලෙයාන් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්
By Malith Madushan
මඩකලපුවේදී පුද්ගලයින් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු තිදෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති අතර, සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. පිල්ලෙයාන් සමඟ හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන් දෙදෙනෙකුද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින බව වාර්තා වේ.