ප්‍රසිද්ධ රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොවිඩ් බව තහවුරු වෙයි

By Sewvandhi Aug 13, 2021 09:45 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ආසන්න දිනවල තමන් හා සමීපව කටයුතු කළ අයට අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග වලට යොමු වන ලෙස ලෙස ඔහු ඉල්ලා සිටියි.

ප්‍රසන්න රණවීර මහතා එය්බසන් මාත්‍රා දෙකම ලබාගෙන සිටින පුද්ගලයෙකි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මාගේ හිතවතුන් ඇතුළු සැම වෙත ආදරයෙන් කරන සිහිපත් කිරීමයි. මාගේ කාර්යමණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිප දෙනෙකු කෝවිඩ් අසාධිතව සිටි. එබැවින් සෞඛ්‍ය අංශ උපදෙස් මත ස්වයං නිරෝධායනය වීමට තීරණය කලෙමි. ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මාගේ කාලය දුරකථනය හරහා පමණක් වෙන්කර ඇතිබව සිහිපත් කරමි. පවතින කෝවිඩ් තත්වය හමුවේ අපි සියලු දෙනා හැකිතාක් පරිස්සමින් අපේ කටයුතු සිදුකර ගමු.

මීට පෙර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි. කෙසේවෙතත් ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද මීට පෙර වාර්තා වුනි. 

එමෙන්ම දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔහු මේවන විට සිරගතව සිටින්නේ ද අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේයි. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පසුගියදා සිය ඥාති නිවසක පැවති අවමංගල්‍ය උත්සවයකට ද පැමිණ සිටියා.

එම අවස්ථාවට පැමිණ සිටි දේශපාලනඥයන් කිහිප දෙනෙකු ද මන්ත්‍රීවරයා සමග සුහද කතා බහක නිරතවුනා. කොරෝනා ආසාදනය වූ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මේවන විට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට අවශ්‍ය ප්‍රතිකාර එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී ලබාදෙමින් පවතින බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියාසිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now