ස්වාමිනි,ඔහුට පැය හතරකට වරක් කෑම අත්‍යවශ්‍යයි ප්‍රෝටින් පවුඩර් සමග නැත්නම් කෝමා වෙනවා - ප්‍රසන්නට ඇප ගන්න කියපු දේ මෙන්න
ඊයේ දින (12) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අත්අඩංගුවට ගැනුණි.
ඒ ඔහු අමාත්‍ය ධුරය දැරූ සංචාරක අමාත්‍යාංශය යටතේ පැවති ආයතනවල සේවකයින් සඳහා වෛද්‍ය රක්ෂණයට නීත්‍යානුකූල නොවන අයුරින් තැරැව්කාර සමාගමක් පත්කර එම සමාගම වෙත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් රුපියල් හතලිස් හත් ලක්ෂ 50,828ක කොමිස් මුදලක් ගෙවීමට සලස්වා වාසියක් සිදුකිරීම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට පාඩුවක් සිදුකිරීම අදාළව හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඔහුව, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත නිදහස් විය. ඒ අනුව ඔහුට ඇප ලබා ගැනීමේදී ජනාධිපති නීතිඥ නලීන් ලද්දුව හෙට්ටි මහතා සුවිශේෂී කරුණු කිහිපයක් අනාවරණය කර තිබේ. ඒ ප්‍රසන්න රණතුංග මහතාගේ පෞද්ගලික කරුණු කිහිපයකි.
එහිදී ඔහු සඳහන් කළේ,
"ස්වාමීනී මාගේ සේවා දායකයා හට සිදුකළ සැත්කමකින් පසු ඔහුට සාමාන්‍ය පරිදි ආහාර ගැනීමේ හැකියාවක් නැහැ. ඔහු පැය හතරකට වරක් සුළු ආහාරයක් ලබාගත යුතුයි.
ඊට වෛද්‍ය නිර්දේශය මත ප්‍රෝටීන් පව්ඩර් මිශ්‍ර කර යුතුයි. ස්වාමීනී මොහුගේ ආහාර වේල් අදාළ ප්‍රෝටීන් ප්‍රමාණයට නතු විය යුතුයි.එසේ නොවුනහොත් මොහු කෝමා තත්ත්වයට පත්වෙන්න පුළුවන් ඉන් මොහුට ජීවිත අවදානමක් පවා ඇති විය හැකි"
යනුවෙන් ඔහු අදහස් දැක්වූ අතර කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර ප්‍රසන්න රණතුංග හට ඇප නියම කළේය.