ක්‍රිකට් රසිකයින්ට සුබම සුබ ආරංචියක් මෙන්න - ICC යෙන් එකවරම කළ දැනුම්දීම.. (PHOTOS)
Cricket
Sri Lanka Cricket
Sports
Latest Headlines
By krishani
දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.
මීට පෙර ඔහු ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ රැදී සිටියේ ය.
නිමා වූ ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් සමඟ නවතම ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණ ඇත.
කෙසේ වෙතත්, ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ, වීරයා බවට පත් වූයේ ද ප්‍රභාත් ජයසූරියයි.
