ප්‍රභාකරන් ගැන මෙතෙක් කල් පැතිර ගිය දුර්මත අවසන්..ලඟදීම එන බව ඉන්දියාවේ සිට කියයි...
එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවට කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ජීවත් වන දමිළ ජනයාට නව බලාපොරොත්තුවක් ලබාදෙන බව ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී.නෙදුමාරන් පවසනවා.
ඔහු, ANI පුවත් සේවයට ප්‍රකාශයක් සිදු කෙරෙමින් සඳහන් කළේ, ප්‍රභාකරන් ජීවත් ව සිටින බවට නිසි සාක්ෂි ලැබුණු විගස එය මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
එම ප්‍රකාශය සමග මේ වනවිට දෙමළ ජනයා බෙහෙවින් ම උද්‍යෝගයට පත්ව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.
සභාපති පී.නෙදුමාරන් පැවසුවේ මෙවැන්නක්,
“Announcement that Prabhakaran is alive has given new hope & enthusiasm to all Sri Lankan Tamils... If we want to reveal the proof that he's alive, I'll call you and reveal the proof. As soon as I get the evidence, I will meet the media and release it..”
එමෙන්ම ප්‍රභාකරන් සැඟවී සිටින බවත් ඔහු ළඟඳීම ප්‍රසිද්ධියේ පෙනී සිටීමට කටයුතු කරන බවටත් නෙදුමාරන් වැඩිදුරටත් කියා සිටිනවා.
තන්ජාවුර්හි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නෙදුමාරන් කියා සිටියේ, අපගේ දෙමළ ජාතික නායක ප්‍රභාකරන් පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීමට සතුටු බවත්, ඔහු සම්බන්ධයෙන් මෙතෙක් කල් පැතිර ගිය දුර්මත අදින් අවසන් කරන ලෙසත් හෙතෙම ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් ද කළා.
ප්‍රභාකරන්ගේ නැවත පැමිණීම දෙමළ ජාතියේ විමුක්තිය සැලසීමේ ක්‍රියාවලියට වඩා වැදගත් වන බව ද ඊට ලෝකයේ සියලුම දෙමළ ජනයා සහාය ලබාදිය යුතු බවත් නෙදුමාරන් ඒ.එන්.අයි පුවත් සේවයට අදහස් දක්වමින් කියා සිටිනවා.
ප්‍රභාකරන් නමැති එල්.ටී.ටී.ඊ. ඊළාම් ත්‍රස්තවාදී නායකයා සිවිල් යුද්ධය අවසාන අදියරේ දී 2009 මැයි 18 වන දින මෙරට හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ අතර ඔහුගේ සිරුර මුල්ලිවායාකල්හි වනයෙන් සොයාගැනුණා.
ප්‍රභාකරන්ගේ මියගිය සිරුරෙහි ඡායාරූප පමණක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ බව ද නෙයිමාදුරන් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |