මියගිය මන්ත්‍රී අමරකීර්ති වෙනුවට නව මන්ත්‍රීවරයෙක්..!
නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් නව මන්ත්‍රීවරයෙකු පත්කර තිබේ.
ඒ අනුව මෙලෙස පත්කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ 5 වන ස්ථානයේ රැඳී සිටි ජගත් සමරවික්‍රම මහතාය.
එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |