හිටපු ඇමති වියාලේන්ද්‍රන්ට ඇප

By Mithu Apr 09, 2025 11:53 AM GMT
Mithu

Mithu

Report

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව මුදාමත හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (9) නියම කළේය.

වැලි කැණීමේ බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා රුපියල් ලක්ෂ 15ක අල්ලසක් ලබාගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට වියාලේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයා ඊයේ (8) අධිකරණයට ඉදිරිපත්කළ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විසින් ඇපමත මුදා හරිනු ලැබුවත් සැකකරුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් යළි බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.  

  

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

කෙසේ නමුත් අද දිනයේදී ඒ මහතා සියලු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

ReeCha