පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවෙක් අත්අඩංගුවට...(UPDATE)

Report

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූවන් කවුරුන්ද සම්බන්ධයෙන් ජනාධිපති අනුරු කුමර දිස්සානායක මහතාන් එළපෙන පාස්කු දිනයට ප්‍රථමයෙන් හෙළිදරව් කිරීමට කටයුතු කරන බවට පසුගියදා සඳහන් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගේ අවධානය මෙවන විටත් යොමුව ඇති අතර කතෝලික සභාව ද ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පිළිබඳව විශාල විශ්වාසයකින් පසුවනවා.

ශ්‍රී ලන්කන් ගැන ජනපති කට අරී!

ශ්‍රී ලන්කන් ගැන ජනපති කට අරී!

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවන විට යම් යම් කරුණු අනාවරණය වෙමින් පවතින අවස්ථාවක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පුවතක් වාර්තාවනවා.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ නොමඟ යැවූ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇප කොන්දේසි ඉටු කළ වියාලේන්ද්‍රන් නිවසට යයි!

ඇප කොන්දේසි ඉටු කළ වියාලේන්ද්‍රන් නිවසට යයි!

2018 නොවැම්බර් මාසයේදී මඩකලපුවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එල්ල වී ඇති බව සඳහන්.

පොලිස් කොස්තාපල්වරයා ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව සේවය කර ඇති අයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද දින කරදියනාරු ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

---------------------------------

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙක්

අත්අඩංගුවට.... (17.53 PM)

රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයේ දිසා බුද්ධි කාර්යාංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙක් බව පොලීසිය සඳහන් කරනවා.

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ මෙන්න විශේෂ නිවේදනයක්!

2018 වසරේදී වව්නතිව් පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, අත්අඩංගුවට ගත් මෙම පොලිස් නිලධාරියා එම සිද්ධිය නොමඟ යවන ආකාරයෙන් කටයුතු කර ඇති බවයි.

රාත්‍රි සමාජ ශාලා අනතුරෙන් 79ක් මරුට!

රාත්‍රි සමාජ ශාලා අනතුරෙන් 79ක් මරුට!

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට සිදු කරනු ලබනවා.