දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලිය බිඳවැටීම්

By Sewvandhi Dec 03, 2021 06:18 AM GMT
Report

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳවැටීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය හා සම්බන්ධ වූ අපගේ ප්‍රාදේශිය මාධ්‍යවේදී ජාලය තහවුරු කරන ආකාරයට මෙම විදුලි බිඳවැටීම දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වන බවයි.

මීට දින කිහිපයකට ම පෙර කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන රැහැන් පද්ධතියේ බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි බලමණ්ඩලය පවසා සිටියේ, ඒ හේතුවෙන් මෙගා වොට් 500ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියෙන් ඉවත් වූ බවයි.

මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW