බිල නොගෙවූ රාජ්‍ය කාර්යාලයක විදුලිය විසන්ධි කරයි
Ceylon Electricity Board
Department of Immigration & Emigration
By Sithumi
අද (24) විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ විදුලිය විසන්ධි කර තිබේ.
එම කාර්යාලයෙන් සේවා ලබාගැනීමට විශාල පිරිසක් පෝලිම්වල රැඳීසිටියදී විදුලිබල මණ්ඩලයේ පිරිසක් පැමිණ මෙලෙස එම කාර්යාලයේ විදුලිය විසන්ධි කර ගොස් ඇති බව වාර්තා වනවා.
ජනතාව චෝදනා කරන්නේ අලුයම් කාලයේ සිට පෝලිම්වල රැඳීසිටි ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්වී ඇති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
