ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ

sri lanka Power cut
By Sithumi Nov 29, 2021 02:28 PM GMT
Sithumi

Sithumi

Report

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇති බවට වාර්තා වනවා.

මේ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ද පවසයි..

කොත්මලේ සිට බියගම දක්වා විදුලි සැපයුම් ව්‍යුහයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව ඔහු පැවසීය. මේ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී ඇත.

කොළඹ ප්‍රදේශ කිහිපයක් ඇතුළු නුවරඑළිය, කෑගල්ල , බදුල්ල, මාතර, හම්බන්තොට , මොනරාගල දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයකටම විදුලිය විසන්ධි වී ඇති ගගන ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා.

මේ වන විට ගාල්ල,මාතර,කුරුණෑගල,රත්මලාන, පන්නිපිටිය ,සපුගස්කන්ද, අතුරුගිරිය, බියගම ,කොටුකොට ,ජයවර්ධනපුර හා හබරණ යන ප්‍රදේශ වල විදුලිය බිඳ වැටී පවතින බව වාර්ථා වේ. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now