සිට දින දෙකක් රට අඳුරේ..? සම්පූර්ණ විස්තරය

Power cut power department
By Sithumi Nov 02, 2021 04:13 PM GMT
Sithumi

Sithumi

Report

දින දෙකක විදුලි කප්පාදුවක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු ඉඩක් නොතබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තිය සමිතියේ ප්‍රධාන ලේකම්වරයා මෙන්ම ඒම පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම ලං.වි.ම. සේවකයෙකු ලෙසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් දින දෙකක විදුලි කප්පාදුවක් කරන බවට සිදු කර ඇති බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස තම සංගමය ලං.වි.ම. පාලනාධිකාරියෙන් ඉල්ලීමක් සිදු කළ බවද ඒ මහතා කියා සිටියේය. 

88/89 කාලයේ දැඩි භීෂණයක් රටේ පවත්වමින් ලං.වි.ම. ට අයිති සම්පත් වන ට්‍රාන්ස්ෆෝමර් ගිනි තැබුවා. රෑට විදුලිය පාවිච්චි කරන්නෙපා, එහෙම කරොත් මරණවා කියලා කියපු කණ්ඩායමක් තමයි ජ.වි.පෙ කියන්නේ. අපිට සැකයක් ඇති වෙනවා ජ.වි.පෙ නැවත උත්සහ කරන්නේ 88/89 ඇති කළ භීෂණයේ මර්ධනය ඇති කරන්නද කියන එක යැයිද ඒ මහතා කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now