පැය හතරක විදුලි කප්පාදුවක් යෝජනා කෙරේ.. යෝජිත ක‍්‍රමවේදය මෙන්න..

sri lanka problem plan Power cut
By Sithumi Feb 01, 2022 04:57 PM GMT
Sithumi

Sithumi

Report

පවතින තත්වය මත විදුලි කප්පාදුවකට අවසර ලබා දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් එස කොමිසම විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබේ. මණ්ඩලය දැනුම් දී තිබේනේ රට පුරා විදුලි සැපයුම කොටස් 04 ක් යටතේ පැය දෙක බැගින් විදුලි කප්පාදු කල යුතු බවයි.

නමුත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ තාවකාලික විසදුමක් ලෙස විදුලි කප්පාදුවක් සිදු කිරීම අවශ්‍ය නොවන බවයි. නමුත් ඉල්ලුම ඉහල යන අවස්ථාවල අවශ්‍යතාවය මත ඇතැම් ප‍්‍රදේශවල විදුලි සැපයුම බිද වැටිය හැකි බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ විදුලි ඉල්ලුම අඩු කර ගැනීම සදහා විදුලි උපකරණ භාවිතය අඩු කර සහයෝගය දක්වන ලෙසයි.

නොරච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද දිනයෙ යලි අක්‍රිය වී ඇති අතර විදුලි බල මණ්ඩලය පවසන්නේ අලුත්වැඩියා කටයුත්තක් සදහා මෙම යන්ත‍්‍රය අක්‍රිය කරන ලද බවයි.

මේ නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක ධාරිතාවක් අහිමි වීම මත දහවල් කාලයේ සහ රාත්‍රි කාලයේදී පැය දෙක බැගින් කොටස් 04 කට විදුලි කප්පාදුවක් කල යුතු බවට මණ්ඩලය යෝජනා කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now