විදුලි කප්පාදුව පැය 10කට අධික වෙයි..අද සිදුවන දේ මෙන්න..

Report

ඉදිරි දින කිහිපය තුළ පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග පවසනවා.

තාප බලාගාර වලට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් තොග අවසන්වීමත් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් තවමත් අක‍්‍රියව පැවතීමත් මීට හේතු වී තිබේ.

දැවි තෙල් හා ඩීසල් තොග නිසි වේලාවට ඇනවුම් නොකිරීමත් අනාගත සැලසුම් සකස් නොකිරීමත් හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරී තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් වෙසක් පොහොය වෙනුවෙන් 15, 16 දෙදින තුල දී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබිණ.

විදුලි කප්පාදුව පැය 10කට අධික වෙයි..අද සිදුවන දේ මෙන්න.. | Power Cut New Notice

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now