දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක්..එකවරම මුළු රටම ඇණහිටියි..හදිසියේ සිදුවූ දේ මෙන්න.

By Aruna Feb 09, 2025 06:33 AM GMT
Report

දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි අපකළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ. 

කොළඹ ප්‍රධාන පද්ධතියේ ඇති වූ අසමතුලිතාවයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා සඳහන්කර සිටියේ, එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර ඒ සඳහා පැය කිහිපයක් පමණ ගතවන බවයි.

You May Like This Video