තෙල් අර්බුධය උඩුදුවයි..යළිත් අඳුරේ ඉන්න වෙයි?!!..20 න් පස්සෙ රටට වෙන දේ මෙන්න..
ගෙන ලද බොරතෙල් තොග අවසන් වෙමින් ඇති නිසා මෙම 20 වැනිදා සිට නැවතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කළේ,නැවත බොරතෙල් ආනයනයට කටයුතු කර නැති නිසා දින නියමයක් නොමැතිව පිරිපහදුව වසා දැමීමට මෙවර සිදු වනු ඇති බවයි.
එවන් තත්වයකදී සංස්ථාවේ සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට කෝටි දාසයක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.
බොරතෙල් ගෙන්වා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා මේ ආකාරයට වරින්වර පිරිපහදුව වසා දැමීමට සිදුවන බව ද පැවසූ ඔහු පිරිපහදුව වසා දැමුවත් අදාළ කාලයේ දී එහි නඩත්තු කටයුතු සිදු කිරීම නිසා සේවකයන්ට අතිකාල ගෙවීම සිදු වන බවද කියා සිටියා.
පිරිපහදුව වසා දැමීමත් සමග මෙරටට දෛනිකව අවශ්‍ය වන භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන ආනයනය කිරීමට සිදුවන නිසා ඒ තුළින් ද සංස්ථාවට විශාල පාඩුවක් සිදුවන බවත් විදුලි බලාගාර වලට ලබාදෙන දැවි තෙල් මෙට්‍රික් ටොන් දෙදහසක ප්‍රමාණයක් ද අහිමි වන බවත් හෙතෙම තවදුරටත් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |