රට පුරා විදුලිය බිද වැටී ඇති හේතුව මෙන්න..යථා තත්වයට පත් කිරීමට යන කාලය ගැනත් කියයි.
රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ නොරෝච්චෝල ගල් අගුරු බලාගාරයේ ජනන යන්ත්‍ර වල හදිසියෙ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් බව වාර්තා වනවා.
ඒ අනුව එම බලාගාරයේ විදුලිය නිෂ්පාදනය නැවති ඇති අතර කුමන හේතුවක් මත සිදුවුවා දැයි මෙතෙක් තොරතුරු සොයාගෙන නැති බවද පැවසේ.
නොරෝච්චෝල බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම එකවර නැවති ගිය පලමු වතාම මෙය බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් කොළඹ ප්‍රධාන පද්ධතියේ ඇති වූ අසමතුලිතාවයක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවී තිබෙන බවයි මීට පෙර ප්‍රකාශ කළේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා සඳහන්කර සිටියේ, එය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින අතර ඒ සඳහා පැය කිහිපයක් පමණ ගතවන බවයි.
You May Like This Video