විදුලි කප්පාදුව ගැන රටටම සුබ ආරංචියක්..

Report

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලි බල මණ්ඩලය පවසනවා.

මේ අතර ඉදිරි සතියේ සිට විනාඩියක් හෝ විදුලිය කප්පාදු නොකිරීමට උපරිමව උත්සාහ කරන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කළා.

ඒ, ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

විදුලි බල මණ්ඩලය වෙත ඩිසල් සහ දැවි තෙල් ප්‍රමාණවත් තරම් ලබා දී, ජල විදුලිය සහ නොරොච්චෝලේ බලාගාර වලද සහය ඇතිව කළමණාකරනය කරගනිමින් විදුලි බලය අඛණ්ඩව ලබා දීමට කටයුතු සම්පාදනය කරන බවද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ලබන සතියේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය නිසා දරුවාගේ පහසුව වෙනුවෙන් විදුලි කප්පාදුව සීමා කරන බව මීට පෙර නිවේදනය කර තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



Gallery