තැපැල් දෙපාර්තමේන්තුවෙන් අදහාගත නොහැකි ආදායමක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය විසින් වසරකට ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා යාමට සමත්වූ බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, පසුගිය වසරේදී රුපියල් මිලියන 13,100ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
එම වසර තුළ, දෙපාර්තමේන්තුවට අයත් විවිධ වෘත්තීන් සඳහා නව බදවා ගැනීම් සහ ස්ථීර කිරීම් රාශියක් සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2025 ජුනි මාසයේදී, ශ්‍රී ලංකා තැපැල් සේවාවේ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 දෙනෙකුට ස්ථීර පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු කළ බවද දැනුම් දුන්හ.
එම ස්ථීර කිරීම 2020 වර්ෂයෙන් පසුව සිදුවු පළමු උප තැපැල් ස්ථානාධිපතිවරුන් ස්ථීර කිරීම වේ.