පස් දෙනෙකුට මරු කැදවූ වෙන්නප්පුව විෂ මත්පැන් හදපු විදිහ අයිතිකරුවන් පාපොච්චාරණය කරයි

Report

නීති විරෝධී මත්පැන් පානය කිරීමෙන් වෙන්නප්පුව පොලිස් කොට්ඨාසයේ පුද්ගලයන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු රෝහල් ගතකිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ පවත්වයි.

මෙම සිදුවීම 2026 ජනවාරි 6 වැනිදා වාර්තා වූ අතර නීතිවිරෝධී ලෙස පෙරන ලද මත්පැන් පානය කළ පුදගලයන්ට එය දරුණු ලෙස විෂ වී ඇත.

විමර්ශනයට අනුව, නීතිවිරෝධී මත්පැන් වෙළඳාමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ජනවාරි 7 වැනිදා අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් දෙදෙනාම ජනවාරි 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කළේය. නීතිවිරෝධී මත්පැන් මෙහෙයුමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන නැගෙනහිර බණ්ඩිරිප්පුව, ගලවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු ජනවාරි 7 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අර මිහින්තලේ වනචාරියා කියන්නෙම කුණුහරුප - හරිනිට බැන්නට ලාල් කාන්තට කේන්ති යයි

අර මිහින්තලේ වනචාරියා කියන්නෙම කුණුහරුප - හරිනිට බැන්නට ලාල් කාන්තට කේන්ති යයි

ඔහු ඊයේ (8) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, පසුව වැඩිදුර ප්‍රශ්නකිරීම සඳහා දින දෙකක රැඳවුම් නියෝගයක් ලබාගෙන තිබිණි.

මේ අතර අදාළ විෂ මත්පැන් පානය කළ බව කියන තවත් පුද්ගලයින් අටදෙනෙකු මීගමුව මහ රෝහලේ සහ පේරාදෙණිය ශීක්ෂණ රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අදාළ විෂ මත් පැන් අලෙවි කළ බව කියන කාන්තාව සහ එම මත්පැන් ඇයට ගෙනවිත් දුන් බව කියන කාන්තාවක් වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් දෙදෙනා වෙන්නප්පුව, වයික්කාල, තඹරවිල පදිංචි ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර කාන්තාවන් දෙදෙනා පසුගිය 07 වනදා මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

මෙම විෂ සහිත කසිප්පු නිෂ්පානදය කළ බව කියන ලුණුවිල, බණ්ඩිරිප්පුව,ගාලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් 07 වනදා සවස වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුව මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට පොලීසියට අවසර ලැබී තිබුණි.

තමන් විසින් පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරය පසුගිය වැසි සමයේ ජලයට ගසාගෙන ගිය බවත්, පසුව නැවත කසිප්පු නිෂ්පාදනය කිරීම සඳහා ටිනර් ගබඩා කර තිබූ බැරල් යොදාගත් බව ද ප්‍රධාන සැකකරු පොලීසියට පවසා තිබේ.

එම සැකකරුව ඉකුත් 09 වනදා නැවතත් මාරවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

කන්පැනි පාටියේ දී සේවිකාවක් දුෂණය කර ගර්භාෂය ඇතුළට වීදුරු බෝතල් දෙකක් ඇතුල් කරලා - ලේ වහනය සමග ඇය රෝහලට

කන්පැනි පාටියේ දී සේවිකාවක් දුෂණය කර ගර්භාෂය ඇතුළට වීදුරු බෝතල් දෙකක් ඇතුල් කරලා - ලේ වහනය සමග ඇය රෝහලට

මිය ගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලැබී ඇති වාර්තා සහ සැකකරුගේ සහ සැකකාරියන්ගේ ද, කසිප්පු පානය කිරීම හේතුවෙන් මේ වනවිටත් රෝහල් ගත වී සිටින පුද්ගලයින්ගේ ද ප්‍රකාශයන් අනුව ප්‍රධාන සැකකරුට සහ සැකකාරියන් දෙදෙනාට එරෙහිව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.