තැපැල් කාර්යාල සහ ඉන්ධන පිරවුම් හල් කිහිපයක් වසා දමයි.

Corona Biyagama Posttal office Petral shed Delgoda
By Aruna May 04, 2021 06:31 AM GMT
Aruna

Aruna

Report

 ‍කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 32 ක් වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

තැපැල්පතිවරයා සඳහන් කළේ, ප්‍රධාන තැපැල් කාර්යාල 4 ක් සහ උප තැපැල් කාර්යාල 28 ක් මෙලෙස වසා දැමීමට පියවර ගත් බවය.

තැපැල් සේවකයින් 50 දෙනෙකු පමණ මේ වනවිට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

පවතින තත්ත්වය හමුවේ තැපැල් කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර බියගම, දෙල්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වසා දැමීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (04) කටයුතු කළේය. ඒ එම පිරවුම්හලේ සේවකයින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවය.

පසුගිය දිනෙක බියගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ. ටී. එස්. පෙරේරා මහතා පැවසීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... https://chat.whatsapp.com/LjkaxucTqx2568uU9nTqfx