පොසොන් සතිය ඇරඹෙන දින මෙන්න. - විශේෂ මඟී ප්‍රවාහන කටයුතු සිදු වන්නේ මෙහෙමයි.

Poson poya day Sri Lanka Sri Lanka Railways
By Wayomi May 27, 2023 06:00 PM GMT
Wayomi

Wayomi

Report

 මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

පොසොන් සතිය ඇරඹෙන්නේ ලබන 31වන දා සිට ජුනි මස 5වන දා දක්වායි.

මෙම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතයි.

මේ අතර ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යෙදවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW