පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක්.

Poson poya day Sri Lanka Sri Lanka Railways
By krishani May 28, 2023 01:47 AM GMT
krishani

krishani

Report

ජාතික පොසොන් උත්සවය මෙවර මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ලබන 31වන දා සිට ජුනි මස 5වන දා දක්වා පොසොන් සතිය ඇරඹෙයි.

මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ ය.

එමෙන්ම විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10ක් අලුතින් එක් කිරීමට නියමිතයි.

ඒ අනුව ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යොදවනු ඇත.

කෙසේවෙතත්, මෙවර පොසොන් උත්සවය සඳහා විශාල බැතිමතුන් ප්‍රමාණයක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join