ප්‍රසිද්ධ ගායකයෙක් මානසික රෝගියෙක් කියා නිගමනය කරයි..ගායකයාගෙන් රෝහලට නඩු..

Report

තමා ප්‍රසිද්ධ යැයි පැවසූ විට තමන්ව විශ්වාස නොකළ වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාර නතර කර 'මානසික රෝගියෙකු' යැයි නිගමනය කර මනෝවිද්‍යාත්මක ඇගයීමකට නියෝග කළ බව පවසමින් එක්සත් ජනපද 'The Four Tops' හි ප්‍රධාන ගායකයෙකු විසින් රෝහලකට නඩු පවරා තිබෙන බව වාර්තා වනවා.

සුප්‍රසිද්ධ 'Motown' හි කොටසක් ද වන ඇලෙක්සැන්ඩර් මොරිස් (Alexander Morris) නම් ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබුණේ තමා 2023 වසරේ අප්‍රේල් මාසයේදී හුස්ම ගැනීමේ අපහසුව සහ පපුවේ වේදනාව නිසාවෙන් ඩෙට්‍රොයිට් හි Ascension Macomb Oakland රෝහලට ඇතුළත් වූ පසු මෙම සිදුවීමට මුහුණ පෑ බව, විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව තහවුරු කරයි.

රාජ්‍ය නායකයා ගැන සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

රාජ්‍ය නායකයා ගැන සමන්තභද්‍ර හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..


එහිදී මොරිස් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෛද්‍යවරුන් තමාගේ හෘදයාබාධයේ පැහැදිලි රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම වෙනුවට තමන් මානසික රෝගියෙකු ලෙස නිගමනය කළ බවයි.

කොහොම නමුත් අවසානයේදී තමාට බරපතල හෘදයාබාධයක් සහ නියුමෝනියාව ඇති බව හඳුනාගත් බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අද තරගයෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සිහිනයට අත්වූ ඉරණම මෙන්න..

අද තරගයෙන් ශ්‍රී ලංකා ලෝක කුසලාන සිහිනයට අත්වූ ඉරණම මෙන්න..


අදාළ රෝහල විසින් වාර්ගික වෙනස්කම් මත තමාට මෙලෙස විෂමාචාරයන් සිදු කළ බව, මෙම නඩුවේදී ඔහු දැඩිව චෝදනා කර ඇත.